දේශගුණික අවබලපෑම් අවම කිරිමට වෙන් කළ මුදලින් භාවිත කර ඇත්තේ සියයට 10යි
දේශගුණික අවබලපැම් අවම කිරිමේ බහු අදියර ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක කිරිම සදහා රුපියල් මිලියන 27,600ක මුදලක් වෙන්කර තිබුණද පසුගිය වසර තුනක කාලය (2021-2024) තුලදි මින් වියදම් කොට ඇත්තේ රුපියල් මිලියන 2,896.42ක් හෙවත් සියයට 10.49ක මුදලක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
අධික බලපෑම් සහිත කාලගුණික විපර්යාස සහ ජලවිද්‍යාත්මක උපද්‍රව පිළිබද අනතුරු ඇගවිම් වැඩිදියුණු කිරිම සහ දේශගුණයට ඔරොත්තුදිමේ හැකියාව වැඩිදියුණු කිරිම මෙකි ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි. එමෙන්ම කැලණි ද්‍රෝණියේ බහුකාර්ය ජල යටිතල පහසුකම් වැඩිදියුණු කිරිම,ද මෙම ව්‍යාපෘතියේ තවත් අරමුණකි. ඉහල බලපෑම් සහිත කාලගුණික තත්ත්ව ,ගංවතුර සහ නායයෑම් පිළිබද අනාවැකි කිම සහ පුර්ව අනතුරු ඇගවිම් නිකුත් කිරිම, පහළ කැලණි ද්‍රෝණියේ ගංවතුර අවදානම අවම කිරිම සදහා ආයෝජනය කිරිම, දේශගුණික ඔරොත්තුදිමේ හැකියාව වැඩිදියුණුකිරිම හා වාරිමාර්ග සහ වැසිජල යටිතල පහසුකම් වැඩිදියුණු කිරිම යන ප්‍රධාන ක්‍රියාකාරකම් පහ යටතේ මෙකි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
මෙකි ව්‍යාපෘතියේ පළමු අදියර 2021 වර්ෂයේ ඔක්තෝබර් මස ආරම්භ කොට තිබු අතර 2026 දෙසැම්බර් මස අවසන් කිරිමට නියමිතව තිබුණි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව,ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය,කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමේ නියෝජිත ආයතන වේ. කාර්ය මණ්ඩල අනුමත කිරිම ප්‍රමාදවිම, කොවිඩි වසංගතය හා ආර්ථික අර්බුදය නිසා ව්‍යාපෘතියේ ප්‍රගතිය පහළ මට්ටමක පවතින බැව් මෙකි ව්‍යාපෘතියේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

