දෙසැම්බර් රාජ්‍ය සේවක වැටුප් ගෙව්වේ යූරියා පොහොර විකිණීමෙන් ලද මුදලින්
පසුගිය දෙසැම්බර් මාසයේ රජය විසින් රාජ්‍ය සේවක වැටුප් ගෙවන ලද්දේ යුරියා පොහොර අලෙවියෙන් ලත් මුදල්වලින් බව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
පසුගිය යල කන්නයේ දී හා මෙවර මහ කන්නයේ දී යුරියා පොහොර හා අනෙකුත් පොහොර අලෙවි කිරීම මගින් රුපියල් බිලියන 10.05ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් උපයා තිබේ.
එම මුදල් මහා භාණ්ඩාගාරය වෙත යොමු කරන ලද අතර පසුගිය දෙසැම්බර් මාසයේ දී රාජ්‍ය සේවකයින් සඳහා නියමිත වැටුප් ගෙවීම සඳහා එම මුදල්වලින් කොටසක් භාවිතා කිරීමට රජයට සිදු වූ බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ ඊයේ (10) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දීය. 2023 වසර සදහා අයවැය ලේඛනයෙන් වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන යොදා ගනිමින් සිදු කරන කෘෂිකාර්මික ව්‍යාපෘති පිළිබඳ සමාලෝචන රැස්වීමක් මෙහිදී පැවැත්විනි.
රජය විසින් පසුගිය අතුරු අයවැය ලේඛනයෙන් යම් යම් මුල්‍ය ප්රතිපාදනයන් අමාත්‍යාංශවල කටයුතු වෙනුවෙන් වෙන් කළත් සමස්ත මුදල් ප්‍රමාණය ලබා දීමට ආර්ථික අර්බුදය නිසා නොහැකි විය. එමෙන්ම 2023 වසර සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට රුපියල් බිලියන 115ක මුදලක් වෙන් කර ඇතත් ආර්ථික අර්බුදය නිසා අමාත්‍යාංශ වෙත ලබා දීමට නියමිත මුදල්වලින් සියයට 05ක් කපා හැරීමට තීරණය කර තිබීම නිසා ඇතැම් ව්‍යාපෘති සඳහා වෙන් කර තිබෙන මුදල් ප්‍රතිපාදන අඩු විය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම මෙවර මාස් කන්නයේ වී අස්වනු නෙලීම ලබන සතිය අවසන් වනවිට ඇතැම් ප්‍රදේශවල ආරම්භ වන බැවින් වී අලෙවි මණ්ඩලය මගින් වී මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10කවත් මුදලක් අවශ්‍ය වනු ඇතැයි ද අමාත්‍යවරයා කීවේය. අදාල මුදල් ලබා දෙන ලෙස ඉල්ලා තමන් අමාත්‍ය මණ්ඩලයට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවත්, එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව බොහෝ දුරට ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇති බවත් සඳහන් කළේය.
popular news
-
Demuni Uduwara Wednesday, 11 January 2023 12:59 PM
Mr. Minister, curtail privileges of the President, Cabinet and MPs !
Reply : 0 0
Dayan Thursday, 12 January 2023 01:20 AM
Hey Man, Get out with your bosses, you all can't do this. For how many years you are a minister. Even if you are there any more what can we expect from you? What are your education qualifications?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

