දෙසැම්බර් 26 දා සිට විදෙස් ගත ලාංකිකයන්ටත් පැමිණීමට අවස්ථාව
ගුවන් තොටුපොල විවෘත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ලොව පුරා විවිධ රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරයකින් තොරව මෙරටට පැමිණීමට අවස්ථාව උදා වන බව ද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවැසීය.
ගුවන් තොටුපොළ නැවතත් එළැඹෙන 26 දා විවෘත කිරීමට නියමිතව තිබේ.
මෙතෙක් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා බලාපොරොත්තු වූ සියලුම ශ්‍රී ලාංකිකයන්ට දිවයිනට පැමිණීම පෙර ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරය ලබා ගෙන ලියාපදිංචි වීමට සිදු වී තිබුණි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් අනිවාර්යයෙන් පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමුවිය යුතු අතර ඒ සඳහා එක් දිනක් තුළ එම පරීක්ෂණ මෙරට ගුවන් තොටුපළ තුළ දී සිදු කිරීමේ ධාරිතාවය 3,500 ක් පමණ වන බවත් , ඒ අනුව මෙම ශ්‍රී ලාංකිකයන්ගේ පැමිණීම එක් දිනකට උපරිමය 3,500 ක් විය හැකි බවත් උපුල් ධර්මදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

