කුරුවිට දෙවිපහළ, හේන්යාය මාර්ගයේ දී විසිහය හැවිරිදි අවිවාහක තරුණිය ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට පත් සැකකරු අවුරුදු දාසයයි මාස කිහිපයක් වන හෙයින් ඔහු දෙහිඕවිට මුරුත්තෙට්ටු පොල ළමා නිවාසයේ 19දා දක්වා ආරක්ෂිතව රදවා තබන ලෙස රත්නපුර මහෙස්ත්‍රාත් සමන් ඩී.කේ. පරණලියනගේ මහතා නියෝග කළේය.
මෙසේ රැදවුම්භාරයට පත් කෙරුණේ දෙවිපහළ, හේන්යාය, තෙපුලන්ගොඩ වත්තේ තාවකාලිකව පදිංචිව සිටි කුමාරවේලු ආකාශ් කුමාර යන අයයි.
සේවය නිමවා නිවසට යමින් සිටි දෙවිපහළ, හේන්යායේ ස්ථිර පදිංචියැති ලියනආර්ච්චිලාගේ ගෙදර ශාලිකා මදුශානි (26) අවිවාහක තරුණිය 02දා සවස ඝාතනය කළ බවට සැකපිට මොහු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් නිල සුනඛයන් දුන් හෝඩුවාවන් ඔස්සේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුනේ කුරුවිට පොලීසියේ අපරාධ විමර්ශනය අංශය විසිනි. පසුව මරණකාරිය සන්තකයේ තිබු රන්මාලය, ජංගම දුරකතනය හැදුනුම්පත ඇතුලු පුද්ගලික දෑ සහිත අත්බෑගය ඝාතනය සිදුවු ස්ථානය ආසන්නයේ තිබී 04දා අලුයම පොලිසිය විසින් සොයා ගනු ලැබීය.
මාර්ගයෙන් අඩි පහළොවක් පමණ කැලේ තුලට මරණකාරිය ඇදගෙන ගොස් තිබු අතර ඇගේ මුහුණු වැසීම සදහා සැකකරු ගෙනවිත් .තිබු කලුපැහැති ලේන්සුවක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මරණකාරිය සැකකරුගෙන් බේරී යාමට පොරබදා ඇති සලකුණු සැකකරුගේ සිරුරේ තැනින්තැන හමුවු වු බවත් සැකකරුගේ පපු පෙදෙස මරණකාරිය විසින් සපා කෑ බවට සලකුණු මෙන්ම මරණකාරිය විසින් පොරබැදීමේදී ඇගේ නියපොතුවලට සැකකරුගේ සිරුරේ සීරීම් තුවල තිබු බවට රත්නපුර ශීක්ෂණ මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය උත්පල ආටිගල මහතා ඇතුලු අධිකරණ නිලධාරීන් නිරික්ෂණය කර ඇති බව ද පොලීසිය පැවසුවේය.
සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ එහි සිටි ඇතැම් පුද්ගලයින් අනවශ්‍ය කලබල ඇති කරමින් විමර්ශනවලට බාධා කිරිමට ගත් උත්සාහය ව්‍යවර්ථ කළ බව ද පොලිසිය පැවසුවේය.
සැකකාර තරුණයා කුරුවිට නගරයේ වෙළදසැලක වෙළද සහයකයෙක් ලෙස සේවය කළ තැනැත්තෙකි. ඔහුගේ මව සහ සුලුපියා තෙපුලන්ගොඩවත්තේ නැවතී වැඩකරමින් සිට ඇත. සතියකට වරක් සැකකරු මවගේ නිවසට යන බවද විමර්ශන වලදී හෙළිවි තිබේ.
තරුණිය ඝාතනය කර ඇත්තේ ලිංගික අතවරයක් කිරිමට ගත් උත්සාහයේ දී බවට පොලීස් විමර්ශනවලදි අනාවරණ වු බව පොලිසිය කීවේය. කඩදාසි කැපීමට භාවිත කරන පේපර් කටර් වර්ගයේ සියුම් ආයුධයකින් කපනලද බවට සැකකරන තුවාල කිහිපයක් මරණකාරියගේ ගෙළෙහි දක්නට විය.