නව වැනි පර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරය හෙට (18දා) පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිතය. පසුගිය වසරේ අයවැය විවාදයෙන් පසුව පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේය.
ඒ අනුව නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව හෙට පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට නියමිතය. පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීම චාම් උත්සවයක් ලෙසින් පැවැත්විමට නියමිතව තිබේ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හෙට පෙවරු 10ට ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉන් අනතුරුව එම ප්රතිපත්ති ප්රකාශනය සඳහා දෙදින විවාදයක් පැවැත්වීමට නියමිතය.