ඇල්ලේ සංචාරක හෝටලයක දෙවැනි මහලෙන් ඇදවැටී 28 හැවිරිදි චෙක් ජාතිකයෙක් මියගොස් ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.
ඔහු තවත් සංචාරක පිරිසක් සමග ඊයේ රාත්රී විනෝදවෙමින් සිටියදී මෙසේ ඇදවැටී ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
මෘත දේහය දෙමෝදර ප්ර දේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර පශ්චාත් මරණ පරික්ෂනය සදහා බදුල්ල මහ රෝහලට රැගෙන යාමට නියමිතව තිබිණ.
බදුල්ලේ පාලිත ආරියවංශ