පානදුර උතුර කෙසෙල්වත්තේ ගම්මැද පාර ඉදිකරමින් පවතින තෙමහල් නිවසක දෙවන මහලේ අනාරක්ෂිත කොරිඩෝවෙන් පහලට ඇදවැටීමෙන් ප්‍රධාන පෙදරේරුවා ඊයේ (30දා) රාත්‍රී මියගොස් ඇතැයි පානදුර උතුර පොලීසිය සඳහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ මාතර හක්මන ප්‍රදේශයේ පදිංචිව සිටි ඉන්දික නිරෝෂන් 40 හැවිරිදි තිදරු පියෙකි.
මියගිය ප්‍රධාන පෙදරේරුවා ගෝලයන් තිදෙනකු සමඟ නිවසේ දෙවන මහලේ කාමරයක පැදුරු දමා ඒ මත මත්පැන් සාදයක් පවත්වා ඇති අතර අනතුරුව වෙරිමත වැඩි වූ බැවින් පිරිස ආහාර නොගෙන ම නින්දට ගොස් තිබූ බව පොලිසිය කියයි.
අළුයම අවදිව බලන විට ප්‍රධාන පෙදරේරුවා බිම් මහලේ බිම දමා තිබූ කම්බි ගොඩක් මත උඩබැලි අතට ඇද වැටී සිටින අයුරු එක් සේවකයෙක් දැක ඒ බව පොලිසියට දැනුම් දී ඇත.
මියගිය අයගේ හිස ප්‍රදේශයෙන් ලේ වහනය වී බිම ගලාගෙන ගොස් තිබූ බවත් පොලීසිය කියයි.
මත්පැන් සාදය පැවැත්වූ කාමරය තුළින් පිටතට පැමිණි අවස්ථාවේදී මෙම අනතුරට වන්නට ඇතැයි පොලිසිය සැක කරයි මියගිය පුද්ගලයා එම ස්ථානයෙන් වැටුණු අවස්ථාවේ දී කිසියම් අයෙකුගේ නෙත ගැටුනා නම් රෝහල් ගතකර ජීවිතය බේරා ගැනීමට බොහෝ දුරට ඉඩ තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතා පාණදුර කොට්ඨාස අපරාධ ස්ථාන නිලධාරීන් සමඟ එම ස්ථානයට ගොස් විමර්ශන සිදු කළහ.
මියගිය ප්‍රධාන පෙදරේරුවා සමඟ මත්පැන් පානය කර පිරිසගෙන් ප්‍රකාශ ලබාගත් බවද පොලිසිය කියයි. මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට ද නියමිත ය
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ / පානදුර සුමිත් පොතුපිටිය