2025 වර්ෂයේ දෙවැනි කාර්තුවේ ස්ථාවර මිල යටතේ රුපියල් බිලියන 2,908ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය, 2026 වර්ෂයේ දෙවැනි කාර්තුවේදී ස්ථාවර මිල යටතේ රුපියල් බිලියන 3,029ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේනතුව පවසයි.
ඒ අනුව පෙර වසරේ එම කාලසීමාවට සාපේක්ෂව මේ වසරේ එම කාලය තුළදී දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 121කින් ඉහළ ගොස් ඇත. 2026 වර්ෂයේ දෙවැනි කාර්තුව සඳහා ආර්ථික වර්ධන වේගය 4.2%ක් ලෙස වාර්තා වේ.
සමස්තයක් ලෙස කර්මාන්ත ආර්ථික කටයුතු 7.3%ක වර්ධනයක් වාර්තා කර ඇති අතර සේවා ආර්ථික කටයුතු තවදුරටත් 2.7%කින් වර්ධනය වී ඇත. කෙසේ වෙතත් කෘෂිකාර්මික ආර්ථික කටයුතු මෙම කාර්තුව තුළ 2.3%ක සංකෝචනයක් පෙන්නුම් කර ඇත.