ඉලංගෙයි තමිල් අරසු කච්චි නව නායකයා ලෙස අද (21) පැවැති මධ්‍යම කාරක සභා ඡන්ද විසිමේදි යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රි ධරන් මහතා වැඩි ඡන්ද 47 කින් ජයග්‍රහණය කලේය.
මෙම ඡන්ද විමසීම ත්‍රිකුණාමලය නගර ශාලාවේදි පැවැත්වුණි. නායකත්වය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් වන ඒ.එම්.සුමන්තිරන් ,එස්.ශ්‍රි ධරන්.සහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.යෝගේෂ්වරන් යන මන්ත්රීවරැන්ගේ නම් යෝජනාවු අතර ඡන්දය විමසුමකට පෙර යෝගේෂ්වරන් මහතා ඉවත්වීම විශේෂත්වයකි.
මධ්‍යම කාරක සභා සාමාජිකයන් 327 දෙනෙකුට ඡන්ද අයිතිය තිබු අතර ඉන් 321 ක් ඡන්දය ලබා දුන්හ.හය දෙනෙකු ඡන්ද ප්‍රකාශ කිරිමට නොපැමිණීම විශේෂත්වයකි. අනුව ශ්‍රි ධරන් මහතා ඡන්ද 184 ක් ලබා ගත් අතර සුමන්තිරන් මහතාට ලබාගත හැකි වුයේ ඡන්ද 137 ක් පමණි.ඒ අනුව වැඩි ඡන්ද 47 ලබාගෙන ශ්‍රි ධරන් මහතා ජයග්‍රහණය කලහ.
දෙමල ජාතික සංධානයේ හිටපු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත මධ්‍යම කාරක සභාව ගත් තිරණයක් අනුව මෙම ඡන්ද විමසුමක පවත්වා නව නායකයා තෝරාපත කර ගැනුණි.
ත්‍රිකුණාමලය චමෝද්‍යා