දෙමටගොඩ රුවන්ගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන දෙමටගොඩ රුවන් නැමැත්තාගේ දෙමටගොඩ වේළුවන ප්‍රදේශයේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇතැයි දෙමටගොඩ පොලීසිය කියයි.
බෝම්බ දෙකක් නිවස ඉදිරිපිට ගේට්ටුවට සහ එක් බෝම්බයක් වත්ත තුළට එල්ලවී ඇතැයි පොලීසිය සඳහන් කරයි
ත්‍රී රෝද රථයකින් පැමිණි පිරිසක් බෝම්බ ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
ගේට්ටුවට එල්ල වූ බෝම්බ ප්‍රහාර දෙකෙන් එක් බෝම්බයක් පිපිරී නැතැයි ද අනෙක් බෝම්බයේ පිපුරුන විගස එහි සිටි පිරිස වතුර දමා නිවා ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පැමිණි පිරිස බොරැල්ල දෙසට පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් නිලධාරියකු පැවැසීය. ප්‍රතිවිරුද්ධ කල්ලියක් විසින් එම බෝම්බ ප්‍රහාර එල්ල කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි
දෙමටගොඩ රුවන් නැමැත්තා බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි. දෙමටගොඩ පොලිසියට අමතරව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පරීක්ෂණ පවත්වයි

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

