ජංගම දුරකතනයක් භාවිත කරමින් දුම්රිය මාර්ගයේ ගමන් ගත් කාන්තාවක් දුම්රියේ ගැටිමෙන් අද (19දා) මිය ගොස් ඇත.
මේ පිළිබඳව කරන ලද විමසීමකදි අදහස් දැක්වු කොටගල දුම්රිය ස්ථානයේ නිලධාරියකු පවසන ලද්දේ 19වන දින සවස් කාලයේදි බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු අංක 1008 දරණ දුම්රියට කොටගල හැටන් අතර අඩි 60 පාලම අසලදි ගැටිමෙන් කාන්තාවක් මිය ගොස් ඇති බවත්ය.
එසේ මිය ගිය කාන්තාවගේ මල සිරුර එම දුම්රියෙන් කොටගල දුම්රිය ස්ථානයට ගෙනවිත් ඇති බවත් මල සිරුර කොටගල රෝහල ගෙන යාමට පියවර ගන්නා බවත්ය.
මිය ගොස් ඇත්තේ හැටන් කුඩාගම ප්රදේශයේ පදිංචි කාන්තාවක් බවට තොරතුරු ලැබි ඇති බවත් ඒ අනුව එම කාන්තාවගේ ඥතින් දැනුවත් කිරිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.