දුරකතනයකට අයියා - මල්ලී ගැටී අයියා මරුට
කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් බලසීමාවේ කල්ලාරු ප්රදේශයේදී සොහොයුරන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකින් වැඩිමල් සහෝදරයා තියුණු ආයුධයකින් පහරකෑමට ලක්ව ඝාතනය වී ඇතැයි පොලීසිය පවසයි.
සොහොයුරන් දෙනොම කල්ලාරු ප්රදේශයේ පදිංචිවී සිටින අතර ඔවුන් දෙදෙනා අතර ජංගම දුරකතනයක් සම්බන්ධයෙන් පළමුව බහින්බස්වීමක් ඇතිවී පසුව එය ආරවුලක් දක්වා දුරදිග ගොස් ඇත.
පසුව සොහොයුරන් දෙදෙනා අතර පහරදී ගැනීමක් සිදුව ඇති බවටත් එහිදී බාල සොහොයුරා අතින් වැඩිමල් සොහොයුරාට පිහි ප්රහාරයක් එල්ලවී ඇතැයි සැක පලකරන අතර එහිදී වැඩිමල් සොහොයුරා එම ස්ථානයේදීම මිය ගොස් සිටි බවටද පොලීසිය පැවසීය.
කෙසේ වෙතත් අදාල ඝාතනය සම්බන්ධයේ බාල සොහොයුරා ඊයේ (09දා) රාත්රියේ අත්අඩංගුවට ගෙන ඇති අතර අද (10දා) කිලිනොච්චිය මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.
මෙලෙස ඝාතනය වී ඇත්තේ 37 හැවිරිදි ධර්මරාසා තවසීලන් නැමති දෙදරු පියෙකු බවටද පරික්ෂණ සිදුකරන ධර්මපුරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

