කටුනායක ගුවන් හමුදා කඳවුර ආසන්නයේ ඇති දලුපොත අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරීව ධාවනය කල යතුරු පැදියක් දුම්රියේ ගැටිමෙන් ඊයේ (18දා) පස්වරු 6.00 ට පමණ සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු බරපතල තුවාල සහිතව එම ස්ථානයේදිම මිය ගොස් ඇති බව සිදුව පොලිසිය පවසයි.
දුම්රියේ ගැටිමෙන් මරණකරුගේ හිස කදින් වෙන්වි තිබුනි.මෙම දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේටිටුවක් සවිකර නොමැති අතර බෙල් ඇන්ඩි ලයිට් (දුම්රිය පැමිණෙන බව අනතුර අගවන විදුලි සංඥා පද්ධතියක්) සවි කොට ඇතත් එය ක්‍රියාත්මක කිරිමට මෙතෙක් පියවර ගෙන නැති බව මිගමුව දුම්රිය විදුලු සංඥා පරික්ෂණ කාර්යාලයේ නිලධාරියෙක් පවසා සිටියි.
මෙසේ ඉතා අවසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අංක 131/1, ශ්‍රි ලංකා ගුවන් හමුදා කදවුරපාර,කුරන, කටුනායක යන ලිපිනයේ පදිංචි 27 හැවිරිදි තිලාන් රෙවොන් විජේන්ද්‍ර ප්‍රනාන්දු යන අයෙකු බවට හදුනාගෙන ඇති බවද පොලිසිය කියයි.
මරන කරු තම යතුරු පැදියෙන් කටුනායක නිදහස් වෙළෙද කලාපයේ සේවය සදහා ගොස් නැවත තම නිවස බලා එමින් සිටියේදි කටුනායක දලුපොත පාර දුම්රිය හරස් මාර්ගයේදි පුත්තලම සිට කොළඹ බලා ගමන් ගනිමින් සිටි සිඝ්‍රගාමි දුම්රියක ගැටි ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු පවත්වන සිදුව පොලිසිය සදහන් කරයි.
මියගොස් ඇති තිලාන් රෙවොන් මිගමුව සාන්ත පීතර විදුහලේ ආදි සිසුවෙකු බවද පැවසේ.
ජා ඇළ තිස්ස කොටින්කටුව



