දුම්රිය දෙපාර්තුමේන්තුව ලාභ ලබන ආයතනයක් බවට පත් කල යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු පිළිබඳව සොයා බැලිම සඳහා නාවලපිටිය දුම්රිය ස්ථානයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව අද (07දා) පැවසිය.
ඒ අනුව දුම්රිය සේවකයින්ගේ වැටුප් ,අතිකාල දිමනා සහ මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය මුදල් දෙපාර්තුමේන්තුව විසින්ම උපයා ගත යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.