හබරන හතරැස්කොටුව තලපත් කන්ද දුම්රිය නඩත්තු ඒකකය අසලදි අද (01දා) අලුයම පොලොන්නරුව සිට කොළඹ බලා ධාවනය වු නගරාන්තර සිඝ්‍රගාමි දුම්රියෙ ගැටී කුරු අලියෙකු මියගොස් තිබේ.
වයස වසර 5ක් පමන වන මෙම අලියා උස අඩි 5ක් පමණ වේ.
මන්නේරිය වන උද්‍යානයේ සිටින වන අලින් දුම්රිය මර්ගය හරහා මාරුවන විටදි මෙම අනතුරු බහුලව සිදුවන බව ප්‍රදේශවාසීන් පවසයි. මෙම ස්තායයේදි මිට මාස තුනකට උඩදි ද අලි පැටවකු දුම්රියේ ගැටි මිය ගොස් තිබේ.
