දුම්රිය දෙපාර්තුමේන්තුව සතු දැනට භාවිතයට නොගන්නා ඉඩම් සහ ගොඩනැගිලි පෞද්ගලික අංශය සමග එක්ව සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කර දුම්රිය දෙපාර්තුමේන්තුවට මගි ආදායමට අමතරව එම ව්‍යාපෘතිය තුලින් ආදායම් ඉපැයිමේ ක්‍රමවේදයක් සකස් කරන බව දුම්රිය සමාන්‍යාධිකාරි ඩබ්ලිව්.ඒ.ඩි.එස්.ගුණසිංහ මහතා පැවසිය.
දුම්රිය සමාන්‍යාධිකාරිවරයා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය දුම්රිය ස්ථානයේ සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා පිහිටි දුම්රිය ස්ථානවල එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් සොයා බැලිමට හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණි අවස්තාවේදිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු දුම්රිය සමාන්‍යාධිකාරිවරයා කියා සිටියේ දුම්රිය දෙපාර්තුමේන්තුවට අවශ්‍ය අමතර කොටස් සහ නොමැති විම නිසා දුම්රිය ප්‍රමාදයන් සිදු වු බවත්, දුම්රිය මාර්ග නඩත්තු නොකිරිම නිසා දුම්රියන් පිලි පැනිම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයන් සිදු වන බවයි.
තවද දුම්රිය බලවේග කට්ටල වල නිරන්තරයෙන් ඇති වන කාර්මික දෝෂ දුම්රිය ප්‍රමාදයන්ට හේතු වන බවත්, එම දුම්රිය ප්‍රමාදයන් මේ වන විට සැලකිය යුතු ලෙස අවම කර ඇති බවද සමාන්‍යාධිකාරිවරයා පැවසිය.
දුම්රියන් වල ගැටි අලි මියයාම සම්බන්ධයෙන් ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාවට නංවා ඇති බවත්, ඉදිරියේදි නව තාක්ෂණය යොදා ගනිමින් දුම්රියන් වලට අලි ගැටි මියයාම අවම කර ගැනිමේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවිමට දුම්රිය දෙපාර්මේන්තුව සැලසුම් කර ඇති බවද සමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පැවසිය.
මෙම නිරික්ෂණ චාරිකාවට දුම්රිය දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරින් රැසක් සහභාගි විය.



