දුම්රිය සේවය සඳහා නව සේවකයින් 3,000ක් බඳවා ගැනීම සිදුකරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. බහුකාර්ය කාර්ය සාධන බළකායේ සිටින සේවකයන් පිරිසක් මෙසේ දුම්රිය වෙත බදවා ගැනීමට නියමිතය.
අමාත්‍යවරයා සඳහන් කර සිටියේ නව බඳවාගැනීම සඳහා මේ දිනවල සම්මුඛ පරීක්ෂණ සිදුකරන බවයි. විශ්‍රාම ගිය දුම්රිය සේවකයන් සංඛ්‍යාව 410ක් බවද ඔහු සඳහන් කළේය. ඒ අතරින් 9 දෙනෙක් දුම්රිය රියදුරන් බවද ඔහු පැවැසීය.