දෙමටගොඩ දුම්රිය අංගනය තුල ධාවනය වූ දුම්රියක් පැරණි ගොඩනැගිල්ලකට කඩා වැදීමෙන් බරපතල අලාභ සිදු වී ඇතැයි දෙමටගොඩ පොලීසිය පවසයි.
නඩත්තු කටයුත්තක් සඳහා අංගනයට රැගෙන ආ දුම්රිය නැවතීමේ සීමාව ඉක්මවා යාම හේතුවෙන් දුම්රිය මාර්ගයෙන් පිටතට පැන පැරණි ගොඩනැගිල්ලට කඩා වැදී මෙම අනතුර වී ඇත.
දුම්රිය රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර වී ඇති බව විමර්ශන වලදී හෙළි වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව අභ්‍යන්තර විමර්ශනයක් සිදු කරන බව පොලිස් නිලධාරියකු පැවැසීය.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු නොවීය.

