උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ, ගල්කන්ද ප්‍රදේශයේදී විදුහල්පතිවරයෙකු දුම්රියක ගැටීම හේතුවෙන් ඊයේ (11) සවස ජීවිතක්ෂයට පත්ව ඇතැයි නානුඔය පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් නානුඔය, රදැල්ල දෙමළ මහ විදුහලේ විදුහල්පතිවරයා ලෙස සේවය කරන ලද කදිරවේල් සුබ්‍රමණියම් නැමැති දෙදරු පියෙකි.
මෙම විදුල්පතිවරයා පාසල පිරිසිදු කිරීමේ ශ්‍රමදානයකට එක්ව සිට පසුව දුම්රිය මාර්ගය ඔස්සේ තලවකැලේ, ග්‍රේස්වෙස්ටන්, ගල්කන්ද ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට යමින් සිටියදී දුම්රියක ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.
මේ පිළිබඳව නානුඔය පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබයි.
