දුම්රිය දෙපාර්තමෙන්තු සේවකයන් 394ක් විසින් එම දෙපාර්තමේන්තුවට අයිති ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ඒයින් කොටසක් විශ්‍රාම ගොස් ඇති බවත් කොටසක් මියගොස් ඇති බවත් කොටසක් මේ වන විට සේවා නියුක්තව සිටින බවත් ඔහු පැවැසීය.
මේ පිළිබඳව නීතිමය පියවර ගැනිම වෙනුවෙන් නීති අංශය වෙත යොමුකර ඇති බවත් එම ඉඩම් දෙපාර්තමේන්තුවට පවරා ගැනීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.