දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී මෙම අනුමැතිය හිමිව තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව තුළ දිගින් දිගටම පවතින අකාර්යක්ෂමතාව හේතුවෙන් ඒ මහතා ධුරයෙන් ඉවත් කළ යුතු බවට වන යෝජනාවක් විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ බවට තොරතුරු වාර්තා වෙයි.