දුම්රිය මාසිකවාර ප්‍රවේශ පත්‍රයෙන් ලංගම බස් රථවල ගමන්කිරීමට අවස්ථාව සලසා දුන් බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසීය. රට තුළ පැවැති අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් ලබාදෙන සහනක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි.
ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමණ්ඩලයේ අධි සුඛෝපභෝගී බස්රථ හැර අනෙකුත් සාමාන්‍ය බස්රථවල දුම්රිය මාසික ප්‍රවේශ පත්‍රය භාවිතයෙන් ප්‍රවාහන පහසුකම් ලබාගත හැකි බවත් ඒ පිළිබඳව බස්රථ සේවකයින් සහ කණ්ඩායම් දැනුවත් කර ඇති බවත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.