දුම්රිය දෙපාර්තුමේන්තුව භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි ඇතුළු අබලි යකඩ මෙට්ක්ටොන් 6,000 ක පමණ විශාල ප්‍රමාණයක් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සමාගම් දෙකකට විකිණීමට සූදානම් වන බව දුම්රිය වෘත්තිය සමිති සදහන් කරයි
මේ පිලිබදව අද (11) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලක්ද ඉදිරිපත් කර තිබේ.
මෙම යකඩ අළෙවි කිරීමට සම්බන්ධ ප්‍රසම්පාදන කමිටුව හෝ ඇගයිම් කමිටුව අසම්පූර්ණ ඉල්ලුම්පත් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැතිව වැරදි ලේඛණ සහිතව දෙපාර්තුමේන්තුවට පාඩු වන මිල ඉදිරිපත් කළ සමාගම්වලට ලබා දිමට සුදනාමක් පවතින බවද පෙන්වා දෙයි.
දුම්රිය දෙපාර්තුමේන්තුවේ ඉහළ නිලධාරීන් සහ ප්‍රසම්පාදන අංශ නිලධාරීන් මෙම උත්සහායේ නිරතව සිටින බවත් දුම්රිය දෙපාර්තුමේන්තුව සතු අබලි යකඩ පුද්ගලික අංශය වෙත විකිණීමට අදාල ප්‍රසම්පාදන ක්‍රියාවලිය පසුගිය ජුලි මාසයේදී ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් හරහා ආරම්භ කළ අතර එම ටෙන්ඩර් සදහා ඉදිරිපත් වූ සමාගම් ඉදිරිපත් කළ ලේඛණ පසුගිය මස 23 වැනිදා විවෘත කළ බවත් සදහන් කරයි.
එහිදි සමාගම් 11 ක් ප්‍රසම්පාදනයට අදාල ලේඛණ සහ ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබුණු අතර ඒ අතරින් සමාගම් දෙකක් ප්‍රසම්පාදනයෙන් ප්‍රතික්ෂේප වන ආකාරයට කර්මාන්ත සංවර්ධණ මණ්ඩලයේ සත්‍ය ලේඛණ සහ මිල ගණන් ඉදිරිපත් කිරීමේදී සියයට 18 ක එකතු කළ අගය මත බදු අගයන් ඉදිරිපත් කර නොමැති බව නිරික්ෂණය වී ඇති බව ද ඔවුහු පවසති.
මෙම තත්වය මත නිවැරදි ලෙස මිල ගණන් සහ ලේඛණ ඉදිරිපත් කර තිබූ සමාගම්වලට අවස්ථාව අහිමි වන අතර රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශමාලාවට අනුව ටෙන්ඩර් විවෘත කළ පසු ටෙන්ඩර් පත්‍රිකාවල හිස්තැන් පිරවීමට ප්‍රසම්පාදන කමිටුවට බලයක් නැති බවත් එහෙත් අදාල හිස් තැන් පිරවිමට අවස්තාව ලබා දි ඩෙන්ඩර ලබා දිමේ සුදානමක් පවතින බව දුම්රිය වෘත්තිය සමිති සදහන් කරයි.
මීට ඉහතදි අනීතිකව දුම්රිය සතු අබලි යකඩ මිලදිගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වු සමාගම් සහ නිලධාරින් පිළිබඳව නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස සහ දැනට වංචනික ලෙස අබලියකඩ මිලදීගැනීමට උත්සහා කරන සමාගම් එම ප්‍රසම්පාදන කටයුතුවලින් ඉවත් කර විධිමත්ව මිල ගණන් ඉදිරිපත් කර ඇති සියළු සුදුසුකම් සපුරා ඇති ගැණුම්කරුවන් සදහා පමණක් අදාල ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ කරගත යුතු බවත් වෘත්තිය සමීති දුම්රිය බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.