දුම්රිය දෙපාර්තමේන්තුව සතු දුම්රිය මැදිරි ව්‍යාපාරික කටයුතු සඳහා ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
අද (04දා) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව පැවැසීය. සමගි ජනබලවේග් පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
එසේම තමන් අමාත්‍යධුරය භාර ගැනීමෙන් පසු භාවිත නොකර ගොඩ ගසා තිබූ දුම්රිය මැදිරි රාශියක් මේ වන විට ධාවනයට එක් කිරීමට කටයුතු කර ඇති බවද ඔහු පැවැසීය.