වඩා යෝග්‍ය ආකෘතියක් යටතේ දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහත කිරීම සම්බන්ධයෙන් සුදුසු යෝජනා ඉදිරිපත් කිරිම පිණිස අදාළ විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.
රජයේ ඒ ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් ලෙස වර්ගීකරණය කර ඇති මගී ප්‍රවාහනය මෙන්ම භාණ්ඩ ප්‍රවාහනය යන සේවාවන් ද්විත්වයම සපයන ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනමය, මූල්‍යමය හා මෙහෙයුම් කාර්යයන් සම්බන්ධයෙන් මේ වන විට උද්ගතව ඇති ගැටලු අවම කිරීම මෙහි අරමුණක් වෙයි.
එසේම සේවාවන් සැපයීම ප්රශස්ත මට්ටමින් පවත්වාගෙන යාම සඳහා එකී දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරිම අත්‍යාවශ්‍ය බවට හඳුනාගෙන ඇති අතර ඒ ස දහා එම දෙපාර්තමේන්තුවට සම්බන්ධිත සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව ලැබී තිබේ.
ඒ අනුව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගෙන මෙසේ දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතය.