ඉන්ධන ගැටලු මුල් කරගනිමින් දුම්රිය නියාමකයන් අද (5) මධ්‍යම රාත්‍රීයේ සිට සේවයෙන් ඉවත් වන බව ලංකා දුම්රිය නියාමක සංගමය සඳහන් කරයි.
මේ පිළිබඳව ඔවුන් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ලිපියක් මගින් දැනුවත් කර තිබේ.
දුම්රිය කාර්ය මණ්ඩලයට ප්‍රවාහන පහසුකම් නොමැතිවීමත්, ඔවුන්ගේ පෞද්ගලික වාහනවලට ඉන්ධන නොමැතිවීමත් නිසා සේවයට පැමිණීමේ ගැටලු මතුවී ඇති බවත් දෙපාර්තමේන්තුව ලබාදුන් ඉන්ධන ප්‍රමාණවත් නොවන බවත් එම සංගමය කියයි.
නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව නිසා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්ධන ගබඩාවෙන් ඉන්ධන දීම නිසිපරිදි නොවන බව කියන ලංකා දුම්රිය නියාමක සංගමය ඒ සඳහා වාහාම පියවර නොගන්නේ නම් අද මධ්‍යම රාත්‍රීයේ සිට පෞද්ගලික වාහනවලින් සේවයට පැමිණෙන නියාමකයින් සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටින බව ද සඳහන් කරයි.