දුම්රිය මගීන් සඳහා මාර්ගගත ක්රමය ඔස්සේ ප්රවේශපත්ර ලබාගත හැකි බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, www.pravesha.lk වෙබ් අඩවිය ඔස්සේ එම පහසුකම සලසා ඇති බවයි. එමෙන්ම pravesha ජංගම දුරකථන යෙදවුම ඔස්සේ ද දුම්රිය ප්රවේශපත්ර මිලදී ගැනීමේ හැකියාව පවතියි.