මැදවච්චිය පොලිස් වසමේ යකාවැව දුම්රිය ගේට්ටුව ආසන්නයේදී කොළඹ කොටුව සිට මන්නාරම දක්වා ධාවනය වූ දුම්රියක ඊයේ (23දා) රාත්රී කාලයේ පුද්ගලයෙකු ගැටී මියගොස් ඇති බවට මැදවච්චිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 34 ක් වූ යකාවැව, මැදවච්චිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු දුම්රිය ගේට්ටුවෙහි තාවකාලික ගේට්ටු මුරකරු වශයෙන් රාජකාරි යෙදී සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය මැදවච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.