අවම මුදලකින් දුම්රිය ගාස්තු වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන් බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු පැවැසුවේ අවම වශයෙන් ඩීසල් වියදමත් පියවා ගැනීමේ අරමුණින් මෙම මිල වැඩි කිරීම සිදුවන බව ඔහු පැවැසීය.
බස් ගාස්තුවෙන් තුනෙන් එකකටත් වඩා අඩු මුදලක් දුම්රිය ගාස්තු ලෙස අයකරන බවත් එයිනුත් තුනෙන් එකක් වැනි මුදලක් වාර ප්‍ර වේශපත්‍ර වෙනුවෙන් අය කරන බවත් ඔහු පැවැසීය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්ධන වියදම එම දෙපාර්තමේන්තුව විසින් දරණ බවත් අනෙකුත් වියදම් රජය විසින් දරණ බවත් ඔහු පැවැසීය.
දුම්රිය ගාස්තු ඉහළ නොදැම්මොත් දුම්රිය දෙපාර්තමේන්තුවට ඉන්ධන සපයා ගැනීම වෙනුවෙන් හෝ මුදල් සොය ාගැනීමට නොහැකි වනු ඇති බවත් ඔහු පැවැසීය.