මුහුදු බඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ වේනමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී අද (13දා) දුම්රියක වෑන් රථයක් ගැටී එක් අයෙක් මරුමුවට පත්වූ බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.
මේ අනතුරින් මියගොස් ඇත්තේ වේනමුල්ල,කුලීගොඩ,මැදදූව පදිංචි ගොන්සාළුවාවසම් ගාමිණී නමැති 62හැවිරිදි දෙදරු පියෙකි.
මේ වෑන් රථයේ ගැටී ඇත්තේ ගාල්ලේ සිට රඹුක්කන බලා ධාවනයවූ දුම්රියක් බවද පොලීසිය කියයි.
මේ දුම්රිය හරස් මාර්ගයේ වර්ණ සංඥා පද්ධතියක් ඇතත් එය අකීයව තිබීම නිසා ඉටිකොළවලින් වසා දමා තිබේ.
වෑන් රථයේ රියදුරු පමණක් එහි පැමිණ ඇති බවත් වේනමුල්ලේ සිට ගාලුපාර දක්වා ධාවනයවූ වෑන් රථයක් මෙසේ දුම්රියේ ගැටී ඇති බවද පොලීසිය කියයි.
අම්බලන්ගොඩ පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කරන්දෙණිය එම්.සුසිල් පියන්ත සහ රත්ගම විශේෂ ධර්මදාස සිරිවර්ධන
