ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය සමග දීර්ඝ ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමුකරමින් ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති අතර එම ලිපිය මගින් ඔහු සඳහන් කර ඇත්තේ තමන් සිය ආයතනය භාරගැනීමේදි දූෂණ අක්‍රමිකතා වලින් පිරුණු ආයතනයක් මෙන්ම රාජ්‍ය මූල්‍ය විගණනයක් පවා නොතිබුණු බවත් තමන් ප්‍රථමව මූළ්‍ය විගණනයක් ඇතිකර විනිවිදභායක් ඇති කල බවයි.
ඉන් පසුව මෙරටට ගෑස් ආනයනය කරනු ලබන විදේශීය සමාගම් සමග එලැඹන ගිවිසුම් පිලිබඳව අවධානය යොමු කිරීමේදි එම ගිවිසුම් තුල විශාල වශයෙන් දූෂණ වංතා ඇති බව පෙනී ගිය හෙයින් ඒ පිලිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කල බවත් ඒ සඳහා ක්‍රියාත්මක වීමේදි පරිපාලනමය වශයෙන් සහ සාමාජිය වශයෙන් ලිට්රෝ ගෑස් සමාගමේ පාලනාධිකාරියට විටින් විට බාධා මතුවූ බවත් ඉන් පසු සිදුවූ සියලු අර්බුධයන්හී සිද්ධි දාමය යම් තිර පිටපතකට අනුව සිදුවන්නක් බව වැටහුණු බවත් ඔහු සිය ලිපිය මගින් ජනාධිපතිවරයා වෙත දැන්වූ බවත් ඔහු සඳහන් කර ඇත.
එමෙන්ම තමන් රාජකාරි භාරගත් අවස්ථාවේ සිට මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ලිට්රෝ ගෑස් ලංකා සමාගම අයත් විශය පඨය බාරව සිටි වගකිවයුතු අමාත්‍යවරයාගේ හෝ මූළ්‍ය ක්ෂේත්රයට අදාල රාජ්‍ය නිලධාරීන්ගේ සහය තමා වෙත නොලැබුණු බවත් ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් අර්බුදය මැඩ පැවැත්වීම වෙනුවට විවිධ සාවද්‍ය ප්‍රකාශ නිකුත් කරමින් අර්බුදය තවත් උත්සන්න කරවීමට උත්සාය ගත් බවත් ඔහු එම ලිපිය මගින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇත.
රටේ මූළ්‍ය කළමණාකාරීත්වයට අදාලව රාජ්‍ය මුදල් පරිපාලනය පිලිබඳව වගකීම සහ නියාමනය බාර ආයතනයන්හී බලධාරීන්ගේ නොසැලකිල්ල සහ අපරික්ෂාකාරි පිලිවෙත් නිසාවෙන් හෝ හිතාමතාම ඉතිහාසය තුල මෙම අර්බුදය ඉතා පහසුවෙන් විසඳිමට අවශ්‍ය නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම උත්සාහ ගැනීම හෝ නොදැක්වීම හරහා ජනතාව පීඩාවට පත්වීමට ඉඩ හැරීම තමන් කණගාටු වන බවත් වර්ථමානයේ පවතින ගෑස් අර්බුදය ඉතා පහසුවෙන් විසඳහාගත හැකිව තිබෙන බවත් එයට තවමත් ප්‍රමාද නැතැයිද තෙෂාර ජයසිංහ සිය ලිපියෙහි සටහන් කර තිබේ.
එසේම ඒ සඳහා අදාල නිර්දේශ ජනාධිපතිවරයා ඇතුළු වගකිය යුතු සියලු පාර්ශයවයන් වෙත මාස ගණනාවකට පෙර සිට ලබා දුන් බවත් රට දැවැන්ත විදේශ විනිමය අර්බුදයකට ලක්ව ඇති මේ මොහොතේ ඉන්දීය රජයේ සහයෝගය ඇතිව ණය පහසුකම් යටතේ ගෑස් ආනයනය කිරීමට අවශ්‍ය මූලික කටයුතු ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හරහා දැනටමත් තමන් විසින් සිදුකර ඇති බවත් ඔහු එම ලිපිය මගින් ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.