ඔරොත්තු දීම හා සියලු දෙනා ඇතුළත් ආර්ථික අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ සාර්ව ප්‍රතිසාධන ආංශික සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම වැඩසටහන දිස්ත්‍රික්ක හයක් කේන්ද්‍ර කර ගනිමින් වසර 5ක කාලයක් ක්‍රියාත්මක කෙරෙයි.
කෑගල්ල, මාතලේ, මුලතිව්, කිලිනොච්චි, මඩකලපුව හා නුවරඑළිය දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණයක් ලබා ගැනීමට නියමිතය. මෙහිදී අස්වැසුම ප්‍රතිලාභී පවුල් 30000ක් සවිබල ගැන්වීම එක් අරමුණක් වන අතර ඒ වෙනුවෙන් එක් පවුලක් සඳහා රුපියල් ලක්ෂ 2ක මුදලක්ද වෙන් කෙරේ.