ඩෙංගු රෝග ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් ගම්පහ, කොළඹ, මාතර, කළුතර, මහනුවර, රත්නපුර, ගාල්ල යන දිස්ත්‍රික්ක 7 සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි (MOH) කොට්ඨාස 175ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.
නිල සංඛ්‍යාලේඛනවලට අනුව, වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනෙන් ඩෙංගු ආසාදිතයන් 68,672 කු වාර්තා වී ඇති අතර, ඉන් පුද්ගල මරණ 47 ක් සිදුව ඇත. ව ජූලි මාසයේ ගතවූ දින 12 ක කෙටි කාලසීමාව තුළ පමණක් රෝගීන් 13,293 දෙනෙකු අලුතින් වාර්තා වී තිබේ.