දිවයින ආශ්රිත පහළ වායුගෝලයේ පවතින කැලඹිළි ස්වභොවය හේතුවෙන් දිවයින පුරා අහස වළාකුළින් බරව පවතින අතර දිවයිනෛ් බොහෝ ප්රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර හා සබරගමුව පළාත්වලත් මාතර ගාල්ල හා පුත්තලම දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.
