උදෑසන කන්තලේ පොලිස් වසමේ පේරාතුවේලි ප්රදේශයේ 2026.04.03 දින ඇළ මාර්ගයක දිය නාමින් සිටි දරුවෙකු දියේ ගිලී මියගොස් ඇති බවට කන්තලේ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු අවුරුදු 16 ක් වූ පේරාතුවේලි, කන්තලේ ප්රදේශයේ පදිංචි දරුවෙකි.
මරණකරු ඔහුගේ මිතුරන් තිදෙනෙකු සමඟ ඉහත ස්ථානයේ දිය නාමින් සිටියදී මෙලෙස මියගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. කන්තලේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.