දියේ ගිලි සාමණේර හිමිනමක් අපවත් වෙති
කැලණි ගගේ යටියන්තොට අලිවත්තේ අයිවිස්වත්ත ප්‍රදේශයේ තොටුපළක දිය නෑමට ගිය කුඩා හිමිනමක් දියේ ගිලී අපවත්වී ඇති අතර හිමිනමගේ සිරුර අද දහවල් අසල්වාසීන් පිරිසක් විසින් දිය නෑ ස්ථානයට පහළ ගගේ තිබී සොයා ගත් බව යටියන්තොට පොලීසිය පවසයි.
මෙසේ අපවත් වූයේ නිට්ටඹුව නාපාගොඩ ප්‍රදේශයේ පිරිවෙනක අධ්‍යාපනය ලබමින් සිටි 13 වියැති තුඩුවේ සීලවංශ හිමියන් බව යටියන්තොට පොලීසිය සඳහන් කරයි.
ඊයේ සවස 18 දෙනෙකු ගෙන් යුත් කුඩා හිමිවරුන් කණ්ඩායමක් කැලණි ගගේ මෙම තොටුපළට දිය නෑමට පැමිණි අතර එහිදී කුඩා හිමිවරුන් ගඟට බැස දිය නාද්දී මේ හිමියන් ගසාගෙන ගොස් ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.
හිමිවරුන් දිය නෑ ස්ථානයේ “දිය අනතුරු බහුල ස්ථානයක් බවත් දිය නෑමේදි ප්‍රවේශම් වන්න“ යනුවෙන් දැන්වීම් පුවරුවක්ද සවිකර ඇත.
නාවික හමුදා කිමිදුම්කරුවන් පිරිසක් විසින් අද උදෑසන දියේ ගිලුණු හිමියන්ගේ සිරුර සෙවීමේ කටයුතු සිදු කළත් සොයාගැනීමට නොහැකි වූ අතර පසුව අසල්වාසීන් පිරිසක් විසින් නාන ලද ස්ථානයට මීටර් දෙතුන් සීයක් පහළ තිබූ මෙම සිරුර සොයා ගෙන ඇත.
යටියන්තොට - සමන් රත්නායක


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
