දියෙන් ආපු මාරයා
ශ්‍රීපුර පොලිස් වසමේ ශ්‍රී තිස්සපුර ප්‍රදේශයේ දී ඇලක දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලී ඊයේ (1) දා පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇති බව ශ්‍රීපුර පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, යාය 12, පරාක්‍රමබාහු මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ යාය 12, ශ්‍රී තිස්සපුර ප්‍රදේශයේ පදිංචි සිතුම් ලක්ෂිත (12) සහ බී.ඩී. ධනංජය (14) නැමැති පාසල් සිසුන් දෙදෙනෙකි.
යාය 12, ශ්‍රී තිස්සපුර ප්‍රදේශයේ පදිංචි ළමුන් පිරිසක්, එම ප්‍රදේශයෙන් ගලා යන වාරි ඇලක දිය නාමින් සිටියදී මෙම සිසුන් දෙදෙනා දියේ ගිලී ඇති බව පොලීසිය කියයි.
දිය යටට ගිය, තම යහළුවන් දෙදෙනා උඩට නොපැමිණීම හේතුවෙන් බිය වූ අනෙක් සිසුන් වහා දිව ගොස් සිද්ධිය අවට සිටි අයට පැවසීමෙන් අනතුරුව අවට ප්‍රදේශවාසීන් පැමිණ දියේ ගිලුණු දරුවන් දෙදෙනා ගොඩට ගෙන පදවිය රෝහලට ඇතුළත් වීමට කටයුතු කර තිබේ .
රෝහල්ගත කරන විටත් එම සිසුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.
ශ්‍රීපුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

