දියවන්නා ඔයේ මාලු ඇල්ලීමට ගොස් ඔරුව පෙරලීමෙන් අතුරුදන්ව සිටි තරුණයාගේ මළ සිරුර අද (27දා) සොයා ගත් බව තලංගම පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ රාජගිරිය වැලිකඩ පදිංචි සයුර ගිම්හාන නමැති 18 හැවිරිදි තරුණයෙකි .
ඔහු තවත් මිතුරන් තිදෙනකු සමඟ දියසරු උයන අසල දියවන්නා ඔය වටා ඉදිකර ඇති ආරක්ෂක වැටෙන් පැන මාලු ඇල්ලිමට ඊයේ (26දා) අලුයම ගොස් තිබේ.