දිය අනතුරු දෙකකින් දරුවන් දෙදෙනෙක් මරුට
- 20 09 2026
- 10:24
- {{hitsCtrl.values.hits}} views
- ..
දිවයිනේ ස්ථාන දෙකකදී සිදුවූ දිය අනතරු දෙකකින් අවුරුදු 15ක දරුවන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්ව තිබේ. ඊයේ දහවල් කාලයේ වැලිගම පොලිස් වසමේ දම්බොක්ක නුගදූව පාලම අසල පොල්අතුමෝදර ගගේ අතු ගංගාවක මසුන් ඇල්ලීමට ගිය ළමුන් තිදෙනෙකුගෙන් එක් අයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බවට වැලිගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. අතුරුදන් වූ ළමයා අවුරුදු 15 ක් වන දෙනිපිටිය, වැලිගම ප්රදේශයේ පදිංචිකරුවෙකි. පොලිසිය, නාවික හමුදාව හා ප්රදේශවාසීන් එක්ව අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතු වල නිරතව සිටී. වැලිගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
එසේම ඊයේ සවස් කාලයේ පයාගල පොලිස් වසමේ කුඩා පයාගල ප්රදේශයේ වෙරළ තීරයේ දිය නෑමට ගිය ළමුන් පිරිසක් අතුරින් එක් ළමයෙකු මුහුදේ ගසා ගෙන ගොස් අතුරුදන් වී ඇති බවට පයාගල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. අතුරුදන් වූ ළමයා අවුරුදු 15 ක් වූ කුඩා පයාගල ප්රදේශයේ පදිංචිකරුවෙකි. අතුරුදන් වූ ළමයා මිතුරන් පිරිසක් සමඟ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස අනතුරට ලක් ව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශයේදී අනාවරණය වී ඇත. පොලිසිය, නාවික හමුදාව හා ප්රදේශවාසීන් එක්ව අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතු වල නිරතව සිටී. පයාගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

