දිනේෂ්ගේ අබිරහස් මරණය ගැන 70කගෙන් ප්‍රකාශ ගනී
කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වනවිට පවුලේ සමීපතමයන් කිහිප දෙනෙකු ඇතුළු පුද්ගලයන් 70දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇති අතර, සීසීටීවී දර්ශන 70ක පමණ දර්ශන පරීක්ෂාවට ලක්කර ඇතැයිද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. දිනේෂ් ශාෆ්ටර් මහතාගේ අබිරහස් මරණය පිළිබඳව පැති කීපයකින් විමර්ශන පවත්වාගෙන යන බවත්
ව්‍යාපාරිකයා සිය නැන්දම්මාට (බිරිඳගේ මවට) ලියන ලද ලිපියක් කෙරෙහිද අවධානයද යොමු වී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
දිනේශ් ශාෆ්ටර් මහතා ගමන්ගත් මෝටර් රථයේ කිසිවෙකු ගමන් නොකළ බවට සීසීටීවී දර්ශනවල පැහැදිලි සාක්ෂි ඇතත්, එහි තිබූ කිසියම් දෙයක් සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. ඔහුගේ මෝටර් රථය ස්ථානගත කර තිබූ ස්ථානය පිළිබඳ විමර්ශකයන්ගේ අවධානය දැඩිව යොමු වී ඇති අතර, සුසාන භූමියේ අනාථ පැත්තේ යැයි හඳුන්වන එම ප්‍රදේශය පැති තුනකින් ආවරණය වන ස්ථානයක් බවට හඳුනාගෙන ඇත.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ
popular news
-
Deepal Nirosh Monday, 26 December 2022 07:14 AM
අකාලයේ මිය ගිය ෂාෆ්ටර් මහතාට නිවන් සුව පතමු, ණය දීමෙන් මුදලත් මිතුරාත් පමණක් නොවෙයි අවසානයේ තම ජීවිතයත් අකාලයේ අහිමි වන බවයි මට නම් මේ කතා වලින් පේන්නෙ. අද ලංකාවත් මේ වැටිල තිබෙන තත්ත්වයට ප්‍රධාන හේතුව වෙන මොකද්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

