අධිකරණය නියෝගයකින් නැවත ගොඩගත් දිනේෂ් ශාෆ්ටර්ගේ මළ සිරුර සම්බන්ධව නැවත පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් කළ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානී විශේෂඥ අධිකරණ වෛද්‍ය රොහාන් රුවන්පුර මහතා සහ රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ මහාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී. පෙරේරා කීවෝය.
පසුගිය 25 වැනි දා බොරැල්ල කනත්තේ දී ගොඩගත් සිරුර එදිනම කාරපිටිය ශික්ෂණ රෝහලට ගෙන එන ලදී. සම්පූර්ණ සිරුර ස්කෑන් පරීක්ෂණයකට ලක්කරමින් අධිකරණ පරීක්ෂණය ආරම්භ කරන ලද්දේ එදිනම සවස් කාලයේ දී ය. අධිකරණය විසින් පත්කරන ලද විශේෂඥ කමිටුවෙ සියලු සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පසුදින එනම් 26 වනදා පැය 04කට වැඩි කාලයක් සිරුර විවෘතකර පරීක්ෂණ පවත්වන ලදී.
වෛද්‍යවරු පවසන්නේ දිරාපත්වෙමින් තිබූ දේහය නැවත විවෘත කිරීමෙන් පසු එම දේහයට බහා තිබූ ඉන්ද්රිය කොටස් ද නැවත විච්ඡේදනය කරමින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ බවයි. ඒවායේ සාම්පල කොටස් වැඩිදුර ඩී.එන්.ඒ පරීක්ෂණ ඇතුළු වාර්තා ලබාගැනීමට විද්‍යාගාර වෙත යොමුකළ බැවින් එම වාර්තා ලැබෙන තුරු නිශ්චිත තීන්දුවක් ලබාදීමට නොහැකි බව ද ඔවුහු කියති.
විශේෂඥ කමිටුවේ අදහස වන්නේ එම වාර්තා ලැබීමට අවම වශයෙන් මාස දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවයි.
සියලු වාර්තා ලැබීමෙන් පසු ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධ විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවේ අවසන් වාර්තාව අධිකරණයට ලබාදෙන තුරු දිනේෂ් ෂාෆ්ටර්ගේ මළ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ විශේෂ අධි ශීතකරණයක බහා තබන බව ද වෛද්‍යවරු කියති.
සිරංගිකා ලොකුකරවිට