ජීවිතක්ෂයට පත්වු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෘත ශරීරය භූමදානය කිරීම සඳහා අද (16) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අවසර ලබා දුනි.
දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණයට හේතු සෙවීම සඳහා පත්කර තිබූ පංච පුද්ගල විමර්ශන කමිටුවට අවශ්‍ය විමර්ශන කටයුතු වෙනුවේන දේහය යළි ගොඩ ගැනිනි.
ශාෆ්ටර් මහතාගේ අවසන් කැමැත්ත අනුව දේහය භූමිදානය කිරීමට අවසර දෙන ලෙස ඔහුගේ පවුලේ ඥාතින් කළ ඉල්ලීමක් අනුව මෙසේ දේහය යළි භූමිදානය කිරීමට අවසර දුන්නේය.
ඒ අනුව මරණකරුගේ බිරිඳ විසින් කොළඹ ජාවත්ත සුසාන භූමියේ මිලදී ගෙන තිබෙන බිම් කඩක ඔහුගේ දේහය භූමදානය කිරීමට ද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය.
ෂාෆ්ටර් මහතාගේ දේහය ආදාහනය කිරීම නුසුදුසු බවට ඔහුගේ මරණයට හේතු සෙවීම සඳහා පත්කරනු ලැබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව විසින් කරතිබූ නිර්දේශ විමර්ශනය කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය ලබාදී තිබේ.