ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව මේ වන විට ප්‍රකාශ 50කට අධික සංඛ්‍යාවක් ලබාගෙන ඇති බවත් මාධ්‍ය වල විවධ තොරතුර පළවුවත් සෘජු සැකකරුවෙක් හඳුනාගෙන නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ පැය 24 පුරාම ක්‍රියාත්මක බවයි.
ඒසේම විමර්ශනවලදී දුරකතන අංක රාශියක් සොයාගෙන ඇති බවත් ඝාතනයට අදාළව සැකකරුවෙක් තවම හදුනාගෙන නොමැති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
විමර්ශනයේ ප්‍රගතියක් පැහැදිලිවම පෙනෙන්නට ඇති බවද ඔහු පැවැසීය.