සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 75ක් අවසානයේදී කඩුලු 6ට ලකුනු 305ක් රැස්කරගෙන සිටියි.
දිනය නිමා වන විට ධනංජයද සිල්වා 39* හා කසුන් රාජිත 16* නොදැවී පිටියේ රැදී සිටිති.
ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුනු සංඛ්‍යාව රැස්කළ කුසල් මෙන්ඩිස් පන්දු 83කදී ලකුණු 87ක් රැස්කළේය. ඊට අමතරව නායක දිමුත් කරුණාරත්න ලකුණු 50ක් රැස්කළේය. නවසීලන්තය වෙනුවෙන් ටිම් සවුති ලකුණු 44ට කඩුලු 3ක් දවා ගැනීමට සමත්වූයේය.