පවතින වියළි කාලගුණයත් සමග ප්‍රධාන ජලාශවල ජල මට්ටම පහල බැසිමත් සමග ඉදිරි දින කිහිපය තුලදි දිනකට පැය 08 පමණ කාලයත් විදුලි කප්පාදුක් මෙරට තුල සිදු විය හැකි බව මහනුවර දිස්ත්‍රික් ජාතික සමගි ජන බලවේග පා.ම මයන්ත දිසානායක මහතා පැවසිය.
මයන්ත දිසානායක මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසනයේ ආසන බල මණ්ඩල රැස්විම (22) දින නාවලපිටිය නගරයේ උත්සව ශාලාවක පැවති අවස්තාවේ එම රැස්විමට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.
මෙහිදි වැඩි දුරටත් මාධ්‍යට අදහස් දැක් වු මයන්ත දිසානායක මහතා කියා සිටියේ වත්මන් රජයේ නොහැකියාව හමුවේ රටේ ජනතාව පිඩාවට පත් වි ඇති බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලය සහ වත්මන් රජයේ පාලන කාලය වසර දෙකකින් දිර්ඝ කර ගැනිම සම්බන්ධයෙන් අදහස් පළ වුවද අපේ රටේ පවතින ව්‍යාවස්ථාව අනුව එය සිදු කළ නොහැකි බවත්, එසේ සිදු කරන්නේ නම් ඒ සඳහා ජන මත විචාරණයක් පැවැත්විය යුතු බවත්, ජන මත විචාරණයක් පැවැත් වුවහොත් මේ රටේ ජනතාව කිසිසේත් ඒ සඳහා බලයක් ලබානොදන බවද මයන්ත දිසානායක මහතා වැඩි දුරටත් පැවසිය.