මෙරට ජීවත්වන ජනතාවට ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව සෞඛ්‍ය සේවා රැකවරණ පද්ධතියේ ප්රශස්ත ප්රතිලාභ වඩාත් සමීපව භුක්ති විදීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා නව රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය යටතේ දිවයින පුරා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන දහසක් පළමු අදියර යටතේ පිහිටුවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම අනුව එම අමාත්‍යාංශය මේ වන විට සැලසුම් කර ඇත.
ජනතාවට වඩාත් සමීප, පහසුවෙන් ප්‍රවේශවිය හැකි ස්ථානයක ස්ථාපිත කරන මෙම ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථානය ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ලෙස නම් කර ඇති අතර නව රජයේ “සුවපත් රටක් උදෙසා” (HEALTHY SRI LANKA) නව්‍ය වැඩසටහන යටතේ ක්‍රියාත්මකවන මෙම ව්‍යාපෘතිය යටතේ මෙම වර්ෂය තුළ දී ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන සියයක් ජනගත කිරීමට ද නියමිත ය.
ඒ අනුව ක්‍රියාත්මකවන නියමු ව්‍යාපෘතියේ සිවිවන ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය මහනුවර දිස්ත්‍රික්කයේ පෝල්ගොල්ලවත්ත ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය ඊයේ පස්වරුවේ (02) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
මෙහි දී පළමු සේවාලාභියා ලියාපදිංචිය හා සහ ඊට අඳාළ කාඩ්පත ලබාදීම ද අමාත්‍යවරයා අතින් සිඳුවිය.
ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයෙන් සිදුවන සේවාව පිළිබදව පැමිණි සිටි ජනතාව මෙහි දී දැනුවත් කළ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නව සංකල්පයක් ලෙස මෙම වැඩසටහන ආරම්භ කළ නමුත් මෙහි ජයගතයුතු සෞඛ්‍ය අභියෝගයන් රාශියක් තිබෙන බවද පැවසී ය.
ග්‍රාම නිලධාරී වසම් හතරක හෝ පහක පන්දහසක් ,දසදහසක් අතර ජනතාවක් ආවරණය වන පරිදි සෞඛ්‍ය කණ්ඩායමක් ද හඳුන්වාදී එම ජනතාව මෙම මධ්‍යස්ථානයට භාරකරන බවත්, නාම පුවරුවේ සදහන් පරිදිම මෙය සුවතා මධ්‍යස්ථානයක් බව ද අවධාරණය කර සිටියේය.
ඒ් සදහා අඳාළ ප්‍රදේශයේ ජනතාව ලියාපදිංචිකර අවශ්‍ය මුලික පරික්ෂණ සිදු කරන බව ද, මෙම මධ්‍යස්ථානයට අනුයුක්තවන වෛද්‍ය නිලධාරියාගේ සීමාවෙන් ඔබ්බට ගොස් වෛද්‍ය පරීක්ෂණ සහ සෞඛ්‍ය ප්‍රතිකාර කටයුතු සදහා
එම ජනතාවට පහසුවක් ලෙස දිනයක්, වේලාවක් වෙන්කර ළගම තිබෙන ද්විතීයික හෝ තෘතීයික රෝහලකට වැඩිදුර ප්‍රතිකාර සදහා යොමුකරන බව ද අවධාරණය කර සිටියේ ය.
වයස අවුරදු 30ත්, 70ත්, අතර මෙරට පිරිමි පාර්ශවයේ සිදුවන මරණ වලට වැඩිම හේතු සාධකට වන්නේ බෝනොවන රෝග බවත්, එම වයස් පරතරයේම කාන්තාවන්ගේ ද වැඩිම මරණවලට හේතුව වී ඇත්තේ පිළිකා තත්ත්වයන් බව සෞඛ්‍ය දත්ත පෙන්වා දෙන බව අමාත්‍යවරයා මෙහි දී කරුණු හෙළි කර සිටියේය.
මෙම තත්ත්වය වෙනස් වෙමින් යන බවද පැවසූ අමාත්‍යවරයා කාන්තාවගෙන්ද වැඩිම ප්‍රමාණයක් මියාමට හේතුව වන්නේ ද බෝනොවන රෝග බවත්, රටේ සංවර්ධනයට දායක වෙමින් සිටින කාණ්ඩයේ ජීවිතය අහිමිවීම කනගාටුවට කරුණක් බව ද පැවසී ය. 30-70 ලෙස සඳහන් කළ ද 40-50 වයස් කාණ්ඩය වැඩි වශයෙන් ගොදුරුවන බව සදහන් කර සිටියේය.
දිනකට අලුත් පිළිකා රෝගීන් සියයක් වාර්ථා වන බව අවධාරණය කළ අමාත්‍යවරයා වසරකට 35000 පමණ පිළිකා රෝගීන් වාර්ථා වන බවද මෙහි දී පෙන්වා දුන්නේය. මෙයින් 35% ක් එනම්, 13000 ක් විතර මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් ලෙස ප්‍රතිකාර ආරම්භ කරන බවත්, එම රෝග සංකූලතාවයට පැමිණ අවසාන මොහොත් ප්‍රතිකාර කිරීම සදහා විශාල මුදලක් වැයකර ඉතා උසස් නවීන උපකරණ මිල දී ගන්නා බවත් ,ඊට අවශ්‍යය ගොඩනැගිලි ඉදිකර දෙන බවත්, විහේෂඥයින් පුහුණුකරන බව ද පැවසීය.
වසරක ඖෂධ වියදමින් 30% ක් වැය වන්නේද පිළිකා රෝග වලට ප්‍රතිකාර කරන ඖෂධ සදහා බවත්, මෙයට විසදුම කුමක්ද, සියලු කාරුණු සලකා බැලූපසු මේ සියල්ලම පාලනය කරගත හැකි අවස්ථාව මුල් අවස්ථාවේ රෝග හදුනාගැනීම බවද අමාත්‍යවරයා මෙහි දී සදහන්කර සිටියේය.
මෙහි විශාල අර්ථයක් පවතින බවත්, ජනතාවට යම් රෝගයක් වැළදී සංකූළතා ඇතිවී රෝහලට යාමට පෙරම රෝගය කළින් හදුනාගැනීම මෙම මධ්‍යස්ථානයෙන් සිඳුකරන බවත්, විශේෂයෙන්ම දියවැඩියාව, අධිරුධිර පීඩනය, පිළිකා වැනි රෝගද ඇතුළත්ව බෝනොවන රෝග කළින් හදුනා ගැනීම සිඳුකරන බව ද පැමිණි සිටි ජනතාව හමුවේ පැවසී ය.
මෙම මධ්‍යස්ථාන තුළින් ජනතාවට සෞඛ්‍ය උපදේශණය, ඖෂධ ලබා දෙන ස්ථායක් පමණක් නොවන බවත්, අදියරෙන් අදියර දේශීය සහ ආයුර්වේද ප්‍රතිකාර සේවාවන් ද ආරම්භ කරන බවත්, ඒමෙන්ම ශාරීරික ව්‍යායාම,යෝග, මියුසික් තෙරපි වැනි දේවල් ද ඔබේ ජීවිතයට හුරුකරන තැනක් බවට පත්කරන බව ද පැව සී ය.
ගබඩාගම දකුණ, ගබඩාගම උතුර, ගුණ්නෙපාන සහ උඩ ගුණ්නෙපාන උතුර යන ග්‍රාමසේවා වසම්වල වෙසෙන හත්දහසකට ආසන්න ජනතාවකට මෙම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය මගින් සේවාවන් සැපයෙනු ඇත.
