පවතින ඩීසල් අර්බුදය හේතුවෙන් තවත් දින කිහිපයකින් බස් ධාවනයට බාධා ඇතිවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප්රකාශ කරන්නේ බස් රථවලට ඉන්ධන ඇත්තේ තවත් දින 4කට ප්රමාණවත් ප්රමාණයක් බවයි.
එසේම දුර ගමන් සේවා බස් රථ දින දෙකකින් පමණ කඩා වැටීමට ලක්වෙනු ඇති බවත් ඔහු ප්රකාශ කරයි.