දිට්වාගෙන් පසු නැගිටින නුවරඑළිය
නුවරඑලියට පිවිසීමට ඇති මාර්ග කිහිපයක්ම යථා තත්වයට පත් කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකොන් මහත්මිය (07) දින නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවේදි ඒ බව පැවසීය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වූ දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ මහියංගණය සිට නුවරඑලිය දක්වාත්, නුවරඑලිය සිට හැටන් හරහා කොළඹ දක්වාත්, පුස්සැල්ලාව මාර්ගයත් ප්‍රධාන මාර්ග වාහන ධාවනයට විවෘතව ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයි පැවසීය.
තවද නුවරඑලිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ රම්බොඩ ප්‍රදේශයේ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු සිදු කරමින් පවතින බවත්, එය විවෘත කිරිමට තව දින කිහපයක් ගතවන බවයි දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ.
දුම්රිය මාර්ග අලුත්වැඩියා කිරිමේ කටයුතු දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සිදු කරන බවත්, දැනට විවෘත කර ඇති මාර්ගවල ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ ධාවනය කිරිමට පියවර ගෙන ඇති බවද ලෙකම්වරයි පැවසීය.
තවද ආපදාවට ලක් වූ ප්‍රදේශ කිහිපයකට යෑමට මාර්ග විවෘත නොමැති බවත්, එම මාර්ගද අලුත්වැඩියා කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත්, ඊට අමතරව නුවරඑලිය දිස්ත්‍රික්කයේ නිවාස සහ දේපල වලට හානි සිදු වූ 2000කට (08) දින වන්දි මුදල් ගෙවීමට කටයුතු කර ඇති බවත්, අනෙකුත් අය සදහා සතියක් ඇතුලත මුදල් ගෙවීමට හැකි බවයි දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ.
2025-2026 ශ්‍රී පාද වන්දනාවාරය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂනායකනය විසින් නිර්දේශ ලබා දී ඇති අතර, එම නිර්දේශ අනවු හැටඑන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් සීමිත ප්‍රමාණයක් පමණක් ඉදිකටු පහණෙන් ශ්‍රී පාද මළුව දක්වා යැවීමටත් සෙසු වන්දනාකරුවන් ඉදිකටු පහණ පොලිසිය අසළින් රත්නපුර ශ්‍රි පාද මාර්ගයට පිවිස ශ්‍රී පාද උඩ මළුව දක්වා යැවීමට කටයුතු කර ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ.
මෙම ආපදා අවස්ථාවේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආධාර උපකාර විශාල වශයෙන් ලැබෙන බවත්, ඇතැම් ආයතන විසින් එම ආධාර නිසිලෙස බෙදාහැරීම් සිදු කරද්දි තවත් ආයතන කිහිපයක් එය නිසි ලෙස සිදු නොකරන බවයි දිස්ත්‍රික් ලෙක්මවරිය වැඩි දුරටත් කියා සිටියේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

