දිට්වා නිසා පවුල් 58,710 ක පුද්ගලයින් 1,98,405 ක් තවමත් අවතැන්
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතඇන් වූ පිරිස් අතුරින් පවුල් 15,710 කට අයත් පුද්ගලයින් 1,98,405 දෙනෙකු තවමව සුරක්ෂිත මධ්‍යස්ථානවල සහ ඥාති නිවෙස්වල පදිංචිව සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අද 07 වනදා ලබා දී ඇති දත්තවලට අනුව අද වන විටත් සුරක්ෂිත මධ්‍යස්ථාන 212 ක පවුල් 6,354 ක ට අයත් පුද්ගලයින් 20,382 ක්ද ඥාති නිවෙස්වල සහ වෙනත් ස්ථානවල පවුල් 52,356 කට අයත් පුද්ගලයින් 1,78,023 දෙනෙකුද පදිංචිව සිටින බව සදහන් කර තිබේ.
මෙම පුද්ගලයින් දිස්ත්‍රික්ක නවයකට අයත් වන අතර බදුල්ල දිස්ත්‍රික්කයේ සුරක්ෂිත මධ්‍යස්ථාන 86 ක පවුල් 3,254 කට අයත් පුද්ගලයින් 10,734 ක් රැඳී සිටින අතර ඥාති නිවෙස්වල සහ වෙනත් ස්ථානවල පවුල් 7,244 කට අයත් පුද්ගලයින් 27,523 දෙනෙකු රැඳී සිටිති.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 2,318 කට අයත් පුද්ගලයින් 8,165 දෙනෙකු ඥාති නිවෙස්වල සහ වෙනත් ස්ථානවල රැඳී සිටිති.
මහනුවර දිස්ත්‍රික්කයේ සුරක්ෂිත මධ්‍යස්ථාන 24 ක පවුල් 633 කට අයත් පුද්ගලයින් 2,135 දෙනෙකු රැඳී සිටින අතර ඥාති නිවෙස්වල සහ වෙනත් ස්ථානවල පවුල් 6,224 කට අයත් පුද්ගලයින් 22,140 දෙනෙකුද පදිංචිව සිටිති. කෑගල්ල දිස්ත්‍රික්කයේ සුරක්ෂිත මධ්‍යස්ථාන 28 ක පවුල් 1,093 කට අයත් පුද්ගලයින් 3,145 දෙනෙකුද, ඥාති නිවෙස්වල සහ වෙනත් ස්ථානවල පවුල් 10,860 ට අයත් පුද්ගලයින් 36,060 දෙනෙකුද පදිංචිව සිටිති.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුරක්ෂිත මධ්‍යස්ථාන දෙකක පවුල් හතක පුද්ගලයින් 22 කු රැඳී සිටිති. මාතලේ දිස්ත්‍රික්කයේ සුරක්ෂිත මධ්‍යස්ථාන 18 ක පවුල් 270 ක පුද්ගලයින් 683 දෙනෙකුද, ඥාති නිවෙස්වල පවුල් 5,478 කට අයත් පුද්ගලයින් 18,241 දෙනෙකුද පදිංචිව සිටිති. නුවරඑළිය දිස්ත්‍රික්කයේ සුරක්ෂිත මධ්‍යස්ථාන 51 ක පවුල් 1,062 කට අයත් පුද්ගලයින් 3,537 දෙනෙකුද ඥාති නිවෙස්වල පවුල් 20,155 කට අයත් පුද්ගලයින් 65,641 දෙනෙකුද පදිංචිව සිටිති.
පුත්තලම දිස්ත්‍රික්කයේ සුරක්ෂිත මධ්‍යස්ථාන එකක පවුල් 13 ක පුද්ගලයින් 41 දෙනෙකුද රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 36ක පුද්ගලයින් 122 කු සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 20 කට අයත් පුද්ගලයින් 22 කුද ඥාති නිවෙස්වල රැඳී සිටිති.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 646 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 174 දෙනෙකු අතුරුදහන්වී ඇති අතර නිවාස 6,036 ක් සම්පූර්ණයෙන් විනාශ වී තවත් නිවාස 1,08,480 ක් අර්ධ ලෙස හානියට පත්ව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
