හොරණ ගෝනපොල ඇටබහේන නිවසක නිදා සිටි 7 හැවිරිදි දැරියක් පැහැරගෙන ප්‍රාණ ඇපයට ගෙන දැරිය මරා දමන බවට තර්ජනය කරමින් අමනාප වූ පෙම්වතිය පැහැරගෙන ගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.
ප්‍රාණ ඇපයට ගත් දැරිය කැස්බෑව පැටිකිරි දෙනිය ප්‍රදේශයේ ඥාති නිවසක දමා ගොස් තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.
දැරියගේ පියාගේ සහෝදරිය සමග සැකකරු වසර 10 ක පමන කාලයක සිට ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබූ අතර ඔහු දැඩිව මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වීම හේතුවෙන් තරුණිය ප්‍රේම සබඳතාවය දැනට මාස දෙකකට පමණ ඉහත දී නවතා දමා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පෙරේදා (13) අළුයම 6.20 ට පමණ තවත් පුද්ගලයෙකු සමග ගෝනපොල ඇටඹ- හේන නිවස ආසන්නයට මෝටර් රථයකින් පැමිණ තිබූ සැකකරු මෝටර් රථයෙන් බැස නිවස තුළට කඩා වැදී තරුණිය සොයා බැලුවද ඇය ඒ වන විටත් රැකියා ස්ථානය කරා යාම සඳහා නිවසින් පිටත්ව යාම හේතුවෙන් බාල සොයුරිය සමග එකම ඇඳෙහි නිදා සිටි පෙම්වතිය ගේ සහෝදරයා ගේ වැඩිමහල් දියණිය වන 7 හැවිරිදි දැරිය පැහැරගෙන මෝටර් රථයේ නැගි පලාගොස් තිබූ බව පොලිසිය කියයි.
එම අවස්ථාවේදී දැරියගේ පියා රැකියාවට ගොස් ඇති අතර මව නානකාමරයේ සිට ඇති අතර මිත්තනිය මේ බව දැක කෑ ගැසීමේ දී මව නාන කාමරයෙන් පිටතට පැමිණ සැකකරු පසුපස හඹා යාමේදී ඔහු නවතා තිබූ මෝටර් රථයේ නැගී පලාගොස් තිබූ බව පොලිස් නිළධාරියෙකු පැවසීය.
දැරියක් පැහැරගෙන මෝටර් රථයකින් පලා යන බවට ගෝනපොල නගරයේ අධි පැය රාජකාරි නිරතව සිටි මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාට දැන ගැනීමට ලැබීමත් සමඟම වහා ක්‍රියාත්මක වූ ඒ මහතා එම නිවස වෙත ගොස් මූලික විමර්ශන ආරම්භ කර සැකකරු පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට සමත් වී ඇත.
සැකකරු ඔහු භාරයේ දරුවා සිටින බව දරුවා ඒත්තු ගැන්වීමට ඡායාරූපයක් කොළඹ ප්‍රදේශයේ රැකියාවට යමින් සිටි අමනාප වූ පෙම්වතිය වෙත වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ යොමුකර ඇය නාවොත් දරුවා මරා දමන බවට තර්ජනය කර ඇයව කැස්බෑව නගරය වෙත, ගෙන්වාගෙන ඇයව ග්‍රහණයට ගෙන අනතුරුව ඇයත් සමග දරුවා ව කැස්බෑව පැටිකිරිදෙනිය තරුණියගේ ඥාති නිවස වෙත ගෙන ගොස් ඔවුන්ට භාර දී තරුණිය පලාගොස් තිබූ බව පොලිසිය කියයි.
වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ සැකකරු තරුණියට යොමු කළ දරුවා ඔහු ග්‍රහණයට ගෙන සිටින ඡායාරූපය තරුණිය විසින් තම සහෝදරයාගේ බිරිඳට එවීමෙන් අනතුරුව ඇය විසින් මොරගහහෙන පොලිසියේ ස්ථානාධිපතිවරයාට යොමුකර විමර්ශන කඩිනම් කර දරුවා සිය බාරයට ගැනිමට භාරයට ගැනීමට පොලිසිය කටයුතු කළේය.
සැකකරු දැරියව සහ තරුණිය පැහැර ගැනීමට යොදාගත් මෝටර් රථය බද්දේගම ප්‍රදේශයේ කාන්තාව ගේ නමට ලියාපදිංචි කළ එකක් බවට මේ වනවිට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
මෙම පැහැර ගැනීම පැමිණි සැකකරු සහ ඔහුට සහය දුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ